අප ගැන
දැක්ම
ආගම් ඇදහීමේ හෝ විශ්වාසයන් දැරීම සම්බන්ධ නිදහස මූලික වටිනාකමක් ලෙස පිළිගන්නා සමාජයක්.
මෙහෙවර
අපගේ මෙහෙවර වන්නේ අධ්‍යාපනය, පර්යේෂණ, උපදේශනය සහ ප්රයත්නයන් ඔස්සේ කැපවුනු පරිශ්රමයන් තුළින් ශ්‍රී ලංකාව තුළ ආගම් ඇදහීමේ හෝ විශ්වාසයන් දැරීමට අදාළ නිදහස ප්‍රවර්ධනය කිරීම සහ රක්ෂා කිරීම යි
සැම වෙනුවෙන් FoRB ප්‍රවර්ධනය කිරීම
MinorMatters යනු ශ්‍රී ලංකාව තුළ ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම සහ ආගමික නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ජාතික ව්‍යාපාරයකි. ආගමික නිදහස සම්බන්ධ සාක්ෂරතාවය ගොඩනැගීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ලේඛනගත කිරීම සහ ආගමික නිදහස සඳහා ශක්තිමත් ආරක්ෂාවක් වෙනුවෙන් පෙනී සිටීම කෙරෙහි අපි අවධානය යොමු කරමු.
ගමන් මගේ සන්ධිස්ථාන
MinorMatters ඇරඹුම
දිගන කෝලාහල අතරතුර බොහෝ තරුණ තරුණියන් වෛරී කථනය සහ ව්‍යාජ පුවත් පැතිරවීමට සම්බන්ධ වී තිබීම පාදක කරගනිමින් 2018 දී MinorMatters ආරම්භ කරන ලදී. FoRB පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමටත්, FoRB සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමත් අරමුණු කරගෙන මෙම ව්‍යාපරය දියත්විය.
සම්මාන සහ පිළිගැනීම
MinorMatters 2019 වසරේදී ශිෂ්ඨාචාර සඳහා වන එක්සත් ජාතීන්ගේ සන්ධානය සහ BMW සමූහය විසින් පිරිනමන අන්තර් සංස්කෘතික නවෝත්පාදන සම්මානයෙන් (Intercultural Innovation Award (IIA)) පිදුම් ලැබීය. .
Aiyo Alice දියත් කිරීම
"Aiyo Alice" යනු යෞවන වයසේ පසුවන ශ්‍රී ලාංකිකයින්ට FoRB පිළිබඳ ඉගැන්වීම සඳහා MinorMatters විසින් සංවර්ධනය කරන ලද ක්‍රීඩාවකි. යෞවන යෞවනියන් සම්බන්ධ කරගනිමින්, ඔවුන්ට එකිනෙකට වෙනස්මතවාද ඇතිබව පෙන්වා දෙමින් අන්තවාදී අදහස්වල අහිතකර බලපෑම ගැන සැලකිල්ලෙන් යුතුව සිතා බැලීමට ඔවුන්ට උදවුකිරීමෙන් ප්රචණ්ඩත්වය සහ කලහ නැවත්වීම මෙහි අරමුණයි.
කෞතුකාගාරය දියත්කිරීම
ශ්‍රී ලංකාවේ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන් පවතින සංකීර්ණ ඉතිහාසය සහ වර්තමානයෙහි ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු දෑ අධිලේඛනගත කරන්නට, ඉගෙනගන්නට සහ ඒ පිළිබඳව විචාරාත්මකව සිතීමට සියළුදෙනා ඇතුළත් කරගන්නා අවකාශයක් වශයෙන් මෙම අතථ්‍ය කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.
MinorMatters ඇරඹුම
දිගන කෝලාහල අතරතුර බොහෝ තරුණ තරුණියන් වෛරී කථනය සහ ව්‍යාජ පුවත් පැතිරවීමට සම්බන්ධ වී තිබීම පාදක කරගනිමින් 2018 දී MinorMatters ආරම්භ කරන ලදී. FoRB පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමටත්, FoRB සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමත් අරමුණු කරගෙන මෙම ව්‍යාපරය දියත්විය.
සම්මාන සහ පිළිගැනීමීම
MinorMatters 2019 වසරේදී ශිෂ්ඨාචාර සඳහා වන එක්සත් ජාතීන්ගේ සන්ධානය සහ BMW සමූහය විසින් පිරිනමන අන්තර් සංස්කෘතික නවෝත්පාදන සම්මානයෙන් (Intercultural Innovation Award (IIA)) පිදුම් ලැබීය.
Aiyo Alice දියත් කිරීම
""Aiyo Alice" යනු යෞවන වයසේ පසුවන ශ්‍රී ලාංකිකයින්ට FoRB පිළිබඳ ඉගැන්වීම සඳහා MinorMatters විසින් සංවර්ධනය කරන ලද ක්‍රීඩාවකි. යෞවන යෞවනියන් සම්බන්ධ කරගනිමින්, ඔවුන්ට එකිනෙකට වෙනස්මතවාද ඇතිබව පෙන්වා දෙමින් අන්තවාදී අදහස්වල අහිතකර බලපෑම ගැන සැලකිල්ලෙන් යුතුව සිතා බැලීමට ඔවුන්ට උදවුකිරීමෙන් ප්රචණ්ඩත්වය සහ කලහ නැවත්වීම මෙහි අරමුණයි.